2010-ජූලි මාසේ 23 වෙනිදා මට මතක් වුණා.........
දින ගණනාවක් ගිහිල්ලා මේ දිනේ මට මතක් වුනේ මොකද කියල ඔබ සිතනවා ඇති. එදා තමයි වසර ගණනාවකින් අපේ රටේ ද්‍රවිඩ ජනතාව සිංහල මිනිස්සුත් එක්ක එකට එකතු වෙලා වේල් පෙරහැරක් ගියේ.
බැලූ බැල්මට සතුට උතුරලා සාමය ගලාගෙන යන වෙලාවක්. අරලියගහ මන්දිරේ ඇතුළට ජනමාධ්‍යයවේදීන් ගත්තේ සෑහෙන පරික්ෂාවකින්ලූ. අරලියගහ මන්දිරේ එදා තවත් ලොකු වැඩක් කෙරුනා. ඒ තමයි ලංකාවේම ගෞරවයට පාත‍්‍ර වුණ හිමිනමක් වෙනුවෙන් ලියවුණ චරිතාපදානයක් එලි දැක්වීම.
මන් කියන්න හදන්නේ මේ දේ ගැන නෙවෙයි.
එදා ගාලූපාරට මුහුණලාල ලොකු කළබලයක් තිබුණ. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි. ජනාධිපතිතුමා වේල් පෙරහැර නරඹන්නයි, ගරු බුහුමන් දක්වන්නයි සැදී පැහැදී හිටපු එක. ඒ වෙනුවෙන් සෑහෙන ලොකු ආරක්ෂාවක් ගාලූ පාර පුරාවට දාල තිබුණ. වෙනම රථවාහන සැලැස්මකට අනුව තමයි රථ වාහන ධාවනය කෙරුනෙත්.
එන හැම මනුස්සයෙක්ම සෑහෙන ලොකු පරික්ෂාවට ලක් කෙරුනා. කොහොමත් ඒ ස්ථානයෙන් සාමාන්‍යය මනුස්සයෙකුට යන්න හරිම අමාරුයි කියල ඕනම පුංචි ළමයෙක් දන්නවනේ.
කොහොම හරි වේල් පෙරහැර ආව. ජාතික රූපවාහිණිය ජනපතිතුමා වේල්පෙරහැරට ගරු බුහුමන් දක්වන ආකාරය සජීවීව මුළු මහත් රටටම බෙදා හරින්න කටයුතු යොදල තිබුණ. මේ වේල් පෙරහැරේ ආව සංවිධායකයින්ට අරලියගහ මන්දිරේ භෝජන සංග‍්‍රහයක් සූදානම් කරල තිබුණ. ඒ කෑම මේසේ පුරාවට හින්දු සංස්කෘතියට අයත් විවධ කෑම ජාති පුරෝලා තිබුණා.
උළුඳු වඩයක් කන පුංචි කොළුවෙක් මගේ ඇස ගැටුණා. ඔහු බොහොම සතුටිනුයි හිටියේ..... තමන්ගේ රටේ ජනාධිපතිතුමා, ආර්යාව සහභාගී වන භෝජන සංග‍්‍රහයකට සහභාගීවෙලා නිදහස භුක්ති විඳිමින් වඩයක් කන පුංචි කොල්ලෙක්.. උඩට කිසිම ඇඳුමක් නැතිව යටට දිගත් නැති උසත් නැති සුදු පාටයි කියල ඇඳගත්ත ඒත් දුඹුරුපාට කළිසමක් ඇඳගත්ත කොල්ලෙක්............
ඔයගොල්ලෝ දන්නවද? ඒ පුංචි කොල්ල දැඩි රැුකවල් මඟින් අරලියගහ මනදිරේ ඇතුළට ආවේ. මම ඒක හොඳටම දැක්කා. තමාව ඕනෑවටත් වඩා පරීක්ෂා කරන සිංහල සෙබළු. පුළුවන් තරම් ඉන්න සිංහලයෝ ඔක්කම ඇතුළට දැන්මට පස්සේ ලැබෙන අවසාන අවස්ථාවෙන් මේ පුංචි දෙමළව ඇතුළට දැන්මේ.
මිනිහ නැටුම් නඬේක නායකයෙක්.
බලන්න,,......... අපේ රටේ සෑහෙන ලොකු නිදහසක් ලැබුණ කියල කවුරුත් කථා කරනවා... ඒත් මගේ රටේ දෙමළ ජනතාව දෙස තාමත් අපි බලන්නේ වපර ඇහැකින් නේද? පුංචිම පුංචි දෙමළ සහොදරයා මේ බාධාවල් ගැන හිතන්නේ නැතිව සිංහල මිණිස්සු එක්ක මුහු වුණා. ඒත් තවත් දෙමළ සහෝදරවරු රාශියක් ඉන්නවා ඒ අවස්ථාව එනකන්.................
ඒත් ඒ අවස්ථාව ඔවුන්ටත් අපිටත් නොලැබී යන්නේ ඇයිද කියන ගැටළුව මට දැන් පැණ නැගිල........කවද හරි කවුරු හරි මැදිහත් වෙලා, මට වගේම මගේ සමකාලීනයන් බොහෝ දෙනෙක්ටත් ගැටළුවක් වුණ මේ ගැටළුව නිරාකරනය කරල දෙයි කියල මම බලාපොරොත්තුවෙන් ඉන්නවා..
Tuesday, October 19, 2010
මේ ගැනත් චුට්ටක් හිතන්න.
3:24 AM
හාදයා



0 comments:
Post a Comment