Thursday, January 27, 2011

ආයෙත් ඔබ මතක් වෙලා

ඉරැණු කැන්වසේ
රතුම රතු ලේ පාට
කදුළු බිදු වියකුනේ නැත

නටපු ගෙයි බිමේ
එදා එලු බුමුතුරැණු
තාම උඩ බලා ගත් අතය

රෑට ඇඩු හතුරැ ගොරහැඩියෝ
අදත් හඩනවා එලෙස
නුසුන් කොට උන්ගේ තාල

මතකයට නැගුනු නුඹ
තාම ඉන්නව හදෙහි
කදුළු කැටි පුරෝගෙන



හාදයා අද පටන් දිගටම ලියනවා

Tuesday, October 19, 2010

මේ ගැනත් චුට්ටක් හිතන්න.

2010-ජූලි මාසේ 23 වෙනිදා මට මතක් වුණා.........
දින ගණනාවක් ගිහිල්ලා මේ දිනේ මට මතක් වුනේ මොකද කියල ඔබ සිතනවා ඇති. එදා තමයි වසර ගණනාවකින් අපේ රටේ ද්‍රවිඩ ජනතාව සිංහල මිනිස්සුත් එක්ක එකට එකතු වෙලා වේල් පෙරහැරක් ගියේ.
    බැලූ බැල්මට සතුට උතුරලා සාමය ගලාගෙන යන වෙලාවක්. අරලියගහ මන්දිරේ ඇතුළට ජනමාධ්‍යයවේදීන් ගත්තේ සෑහෙන පරික්ෂාවකින්ලූ. අරලියගහ මන්දිරේ එදා තවත් ලොකු වැඩක් කෙරුනා. ඒ තමයි ලංකාවේම ගෞරවයට පාත‍්‍ර වුණ හිමිනමක් වෙනුවෙන් ලියවුණ චරිතාපදානයක් එලි දැක්වීම.
    මන් කියන්න හදන්නේ මේ දේ ගැන නෙවෙයි.
එදා ගාලූපාරට මුහුණලාල ලොකු කළබලයක් තිබුණ. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි. ජනාධිපතිතුමා වේල් පෙරහැර නරඹන්නයි, ගරු බුහුමන් දක්වන්නයි සැදී පැහැදී හිටපු එක. ඒ වෙනුවෙන් සෑහෙන ලොකු ආරක්ෂාවක් ගාලූ පාර පුරාවට දාල තිබුණ. වෙනම රථවාහන සැලැස්මකට අනුව තමයි රථ වාහන ධාවනය කෙරුනෙත්.
     එන හැම මනුස්සයෙක්ම සෑහෙන ලොකු පරික්ෂාවට ලක් කෙරුනා. කොහොමත් ඒ ස්ථානයෙන් සාමාන්‍යය මනුස්සයෙකුට යන්න හරිම අමාරුයි කියල  ඕනම පුංචි ළමයෙක් දන්නවනේ.
    කොහොම හරි වේල් පෙරහැර ආව. ජාතික රූපවාහිණිය ජනපතිතුමා වේල්පෙරහැරට ගරු බුහුමන් දක්වන ආකාරය සජීවීව මුළු මහත් රටටම බෙදා හරින්න කටයුතු යොදල තිබුණ. මේ වේල් පෙරහැරේ ආව සංවිධායකයින්ට අරලියගහ මන්දිරේ භෝජන සංග‍්‍රහයක් සූදානම් කරල තිබුණ. ඒ කෑම මේසේ පුරාවට හින්දු සංස්කෘතියට අයත් විවධ කෑම ජාති පුරෝලා තිබුණා.
    උළුඳු වඩයක් කන  පුංචි කොළුවෙක් මගේ ඇස ගැටුණා. ඔහු බොහොම සතුටිනුයි හිටියේ..... තමන්ගේ රටේ ජනාධිපතිතුමා, ආර්යාව සහභාගී වන භෝජන සංග‍්‍රහයකට  සහභාගීවෙලා නිදහස භුක්ති විඳිමින් වඩයක් කන පුංචි කොල්ලෙක්.. උඩට කිසිම ඇඳුමක් නැතිව යටට දිගත් නැති උසත් නැති සුදු පාටයි කියල ඇඳගත්ත ඒත් දුඹුරුපාට කළිසමක් ඇඳගත්ත කොල්ලෙක්............
    ඔයගොල්ලෝ දන්නවද? ඒ පුංචි කොල්ල දැඩි රැුකවල් මඟින් අරලියගහ මනදිරේ ඇතුළට ආවේ. මම ඒක හොඳටම දැක්කා. තමාව  ඕනෑවටත් වඩා පරීක්ෂා කරන සිංහල සෙබළු. පුළුවන් තරම් ඉන්න සිංහලයෝ ඔක්කම ඇතුළට දැන්මට පස්සේ ලැබෙන අවසාන අවස්ථාවෙන් මේ පුංචි දෙමළව ඇතුළට දැන්මේ.
 මිනිහ නැටුම් නඬේක නායකයෙක්.
බලන්න,,......... අපේ රටේ සෑහෙන ලොකු නිදහසක් ලැබුණ කියල කවුරුත් කථා කරනවා... ඒත් මගේ රටේ දෙමළ ජනතාව දෙස තාමත් අපි බලන්නේ වපර ඇහැකින් නේද? පුංචිම පුංචි දෙමළ සහොදරයා මේ බාධාවල් ගැන හිතන්නේ නැතිව සිංහල මිණිස්සු එක්ක මුහු වුණා. ඒත් තවත් දෙමළ සහෝදරවරු රාශියක් ඉන්නවා ඒ අවස්ථාව එනකන්.................
    ඒත් ඒ අවස්ථාව ඔවුන්ටත් අපිටත් නොලැබී යන්නේ ඇයිද කියන ගැටළුව මට දැන් පැණ නැගිල........කවද හරි කවුරු හරි මැදිහත් වෙලා, මට වගේම මගේ සමකාලීනයන් බොහෝ දෙනෙක්ටත් ගැටළුවක් වුණ මේ ගැටළුව නිරාකරනය කරල දෙයි කියල මම බලාපොරොත්තුවෙන් ඉන්නවා..

Monday, October 18, 2010

අපි ටිකක් වෙනස් විදියට හිතමු

පුංචි සරළ රූප රාමු පෙළක් මට හමු වුණා.. ඒක බැලූ බැල්මට විහිළුවක්. ඒත් වචන ගණනාවකින් කියන්න බැරි ගොඩක් දේවල් මේ රූප රාමු පෙළෙන් කථා වෙන හින්දා මේක ඔයාලත් එක්ක බෙදා ගන්න මම තීරණය කළා.
සරළව ඒ රූප රාමු පෙළේ කථාව මට දැණුන විදියට මෙහෙමයි.
එක්තරා පුංචි බලූ පැටියෙක්......කැලේ තනියම ජීවත් වෙන, එයාට පුංචි ගහක් මුණ ගැහෙනවා. බැලූ බැල්මට එයා නරක වැඩක් කරන්නේ, ඒත් ශිෂ්ඨ අපේ සමාජයට ඒක වරදක්.. දන්නවද? සුනඛයින් එයාලගේ අයිතිය තහවුරු කරන්නේ මුත‍්‍රා කරල. පුංචි උදාහරණයක් දෙන්නම්, ගෙදරක සුරතලේට සුනඛයෙක් ඇති කරනවනම් දැකල ඇතිනේ ගෙදරට අයිති සීමාව එයා ලකුණු කර ගන්න විදිය ගැන.
කාලෙත් එක්ක ගස ලොකු වෙනවා. කොළ හැළෙනවා, කොළ එනවා, මල් පිපෙනවා, ඍතු ගත වෙනවා. ඔය විදියට වසන්තය උදා වෙනවා. ගහ ජනපදයක් වෙනවා. කුරුල්ලෝ ඇවිල්ලා ගෙවල් හදාගන්නවා, බලූ කුමාරයා සියල්ලන්ගේ ආරකෂකයා වෙනවා.
එක් කාළකණ්ණි දවසක එයා ගහ ළඟට එනවා. අරන් ආව පොහොර සුපුරුදු ලෙස එක් කරනවා.......................ලොකු වෙනසක්.

ගහ එතැනින් ඉවත් කරලා.

එයාට හැම දේම කල්පනා වෙනවා. මිනිස්සු තමයි ගහේ කොලේ හතුරෝ. මෙයා වෛරය හිතේ තියාගෙන කොන්ක‍්‍රීට් පිරුණු නගරයට වේගයෙන් යනවා. හමු වෙන හැම මිනිහගෙන්ම පළි ගන්නවා.
හිතන්න පොඞ්ඩක්......... මේ පුංචි වීඩියෝ පටයෙන් අපිට කොයි තරම් දේවල් කියල දෙනවද?

enzo

enzo

Wednesday, September 8, 2010

Wednesday, September 1, 2010

diya

දිය නෑම

ගෙවන ගානට සරිලන්න
බොර්ධිමේ ඇන්ටිට
කරාමය හැකිතරම් ඇරලා
උදෙ පාන්දරට - මහ රෑට
පුළු පුළුවන් හැම වෙලවෙමත්
ගෙදරටගොස් ඉන්න
විවේකි සති අන්තයේ
එක දිනක් එක වරක්
ලාවට සොරෙන් මෙන්
තාත්තාගේ පොකට්ටුව වෙනුවෙන්
කරන්නට සිදුවූ අරුමය !

Friday, June 18, 2010

මම නැවත ඇරඹුවෙමි ලියන්නට සටහනක්

මම නැවත ඇරඹුවෙමි ලියන්නට සටහනක්

ඔබ වින්ද පසු ලබන රසයට
වඩා උස වැඩි තියුණු රසකින්................
අවසරයි ..අවසරයි ....
අරබන්න අවසරයි !!!!!!!!!!!

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More